26 C
Colombo
Monday, December 30, 2024

පළමු තරඟයේ ජය නවසීලන්තයට

- Advertisement -

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (28) පැවැති පළමු 20යි 20 තරඟය ලකුණු 8කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 172ක් රැස්කිරීමට සමත් වුණා.

කෙසේ නමුත් මෙහිදී නවසීලන්තයට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වුණා.

ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගළය වූ ටිම් රොබින්සන් හා රචින් රවින්ද්‍රා මුලු ලකුණ 21දී දවාගැනීමට බිනුර ප්‍රනාන්දුට හැකි වුණා.

එමෙන්ම එම ආරම්භය තවදුරටත් සාර්ථක කරගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් නවසීලන්ත ලකුණු පුවරුව 65ක් වීමේදී ඉදිරිපෙළ පිතිකරුවන් පස් දෙනෙකුම යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කටයුතු කරනු ලැබුවා.

කෙසේ නමුත් 6වන කඩුල්ලට එක් වූ මිචෙල් බ්‍රේස්වෙල් හා ඩැරිල් මිචෙල් පන්දු 60කින් ප්‍රහාරාත්මක ලකුණු 105ක සබඳතාවක් ගොඩනගා නවසීලන්ත ලකුණු පුවරුව ඔසවා තැබීමට දායක වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු (2/22), මහීෂ් තීක්ෂණ (2/29) හා වනිඳු හසරංග (2/33) කඩුලු 2 බැගින් දවාගත්තා.

ලකුණු 173ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවි රැස්කර ගත හැකි වූයේ  ලකුණු 163ක් පමණයි.

එහිදී අගනා පිතිහරඹයක නිතර වූ පැතුම් නිස්සංක පන්දු 60කට මුහුණ දෙමින් ලකුණු 90ක් රැස්කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 47ක් රැස්කළා.

RECENT ARTICLES - SINHALA

විදුලි සැර වැදීමකින් තිදෙනෙක් මරුට

පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ 2 කණුව ප්‍රදේශයේ අද (29) පස්වරුවේ විදුලි සැර වැදීමකින් සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා. ඉදිකෙරෙමින් තිබෙන ගොඩනැගිල්ලක පලංචියකට...

ගාල්ලේ දී යතුරුපැදියක් ගිනිගෙන විනාශ වෙයි

ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් ගාල්ල නගරයේ දී අද (29) සවස ගිනිගෙන තිබෙනවා. මෙම යතුරුපැදියේ දෙදෙනකු ගමන්කර ඇති අතර, මගීන්...

හොරට පාස්පෝට් ගන්න ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට පැමිණි පුද්ගලයකු තමාගේ හිතවතෙකු බවට සාවද්‍ය ලෙස පවසා ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ...

POPULAR ARTICLES

තවත් ගුවන් යානා අනතුරක්

එයාර් කැනඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කැනඩාවේ හැලිෆැක්ස් වෙත ගොඩ බෑමේදී අනතුරට ලක්ව තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, එම යානයේ landing gear හි...

විදුලි සැර වැදීමකින් තිදෙනෙක් මරුට

පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ 2 කණුව ප්‍රදේශයේ අද (29) පස්වරුවේ විදුලි සැර වැදීමකින් සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා. ඉදිකෙරෙමින් තිබෙන ගොඩනැගිල්ලක පලංචියකට...

ගාල්ලේ දී යතුරුපැදියක් ගිනිගෙන විනාශ වෙයි

ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් ගාල්ල නගරයේ දී අද (29) සවස ගිනිගෙන තිබෙනවා. මෙම යතුරුපැදියේ දෙදෙනකු ගමන්කර ඇති අතර, මගීන්...