ටින් කළ මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා විසින් අද (28) සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනයට අනුව ටූනා ග්රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් ද මැකරල් ශුද්ධ බර ග්රෑම් 155ක උපරිම සිල්ලර මිල රුපියල් 180ක් ලෙස සටහන් වෙනවා .
එමෙන්ම, ජැක් මැකරල් ශුද්ධ බර ග්රෑම් 425ක සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560ක් ලෙස සඳහන් වෙනවා.
පාරිභෝගික අධිකාරිය පවසන්නේ අදාළ මිල ගණන් ඇති බවයි.