25 C
Colombo
Wednesday, January 1, 2025

ප්‍රදේශ කිහිපයකින් ත්‍රිරෝද රථ සොරකම් කළ 5ක් මාට්ටු

- Advertisement -

ත්‍රිරෝද රථ සොරකම් කළ සැකකරුවන් 05 දෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 38, 51 හා 54 වයස්වල පසුවන සීදූව, ඔරුගොඩවත්ත, කොළඹ 10 හා කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.

පසුගිය 27 වැනිදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් ස්ටේස් පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරු මත වැටලීමක් සිදුකර තිබුණා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා.

අදාළ සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී එම සැකකරු විසින් සොරාගන්නා ලද ත්‍රිරෝද රථ 09ක් සොයාගෙන තිබෙනවා.

සොරාගත්  ත්‍රිරෝද රථ ළඟ තබාගෙන සිටි සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (28) සීදූව, මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් හා වැල්ලම්පිටිය යන පොලිස් වසම්වලදී අත්අඩංගුවට ගෙන කොටුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

එම ත්‍රිරෝද රථ කොටුව, කිරිබත්ගොඩ, වත්තල හා බොරැල්ල පොලිස් වසම්වලදී සොරාගෙන ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. .

RECENT ARTICLES - SINHALA

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය, අම්පාරට

අධික වර්ෂාවත් සමග මහා පරිමාණ ජලාශ 11 මේ වනවිට වාන් දමමින් පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කලාවැව, රාජාංගනය නාච්චාදූව අංගමුව ඇතුළු ජලාශ රැසක් ඒ අතරට...

රට ක්ලීන් කරන්න පායපු ක්‍රිකට් තරු දෙක

'ක්ලීන් ශ්‍රී ලංකා' සරල ලෙසින් අර්ථකථනය කළත් එය ඉතා ගැඹුරු අදහසක් තිබෙන ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසනවා. ජනාධිපති අනුර...

රේගුවෙන් වාර්තාවක්

‍ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.515ක් ඉක්මවූ ආදායමක් වාර්තා කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා...

POPULAR ARTICLES

කාලය තරණය කළ ගුවන් යානය

2025 නව වසර උදාවත් සමඟ හොංකොං සිට ලොස් ඇන්ජලීස් වෙත පියාසර කරනු ලැබූ කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් 'කාල තරණය' කරනු ලැබූ...