23.4 C
Colombo
Saturday, January 4, 2025

දකුණු කොරියාවේ ගුවන් අනතුරින් මියගිය ගණන ඉහළට

- Advertisement -

දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කළ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන්යානයක් අද (29) උදෑසන අනතුරට ලක්වී එහි ගමන්ගත් පිරිසෙන් 122 දෙනෙකු මියගොස් තිබෙනවා.

යානයේ ගමන්ගත් ඉතිරි පිරිස සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක නමුත්, දකුණු කොරියානු බලධාරීන් දැනටමත් පවසා ඇත්තේ, ඔවුන්ගේ ජීවිත සම්බන්ධව වැඩි අපේක්ෂා තබාගත නොහැකි බවයි.

ජේජු ගුවන් සේවාවට අයත් බෝයිං 737 – 800 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන්යානය, තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ බලා ගමන් ආරම්භ කර තිබුණේ අද අලුයම් කාලයේදීයි.

යානයේ සිටි පුද්ගලයින් 181 දෙනාගෙන් 175 දෙනෙක් මගීන් වූ අතර, ඉතිරි 6 දෙනා කාර්ය මණ්ඩල සාමාජිකයින් වනවා.

යානය මුආන් ගුවන්තොටුපොළට ගොඩබස්වමින් සිටියදී එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව ධාවන පථය ඔස්සේ ඇදීගොස් එහි තාප්පයක ගැටී අනතුරට ලක්වුණා.

අනතුරත් සමඟ යානය පුපුරා ගිනිගැනීමට ලක්ව මුළුමනින්ම විනාශ වී තිබුණා.

මේ සමඟම ඒ ආසන්නයට පැමිණි ගිනිනිවන අංශ කඩිනමින් ගින්න නිවාදැමීමට උත්සාහ කර තිබුණා.

ඒ වෙනුවෙන් යොදවා තිබූ ගිනි නිවන රථ ගණන 32ක්.

දකුණු කොරියානු මාධ්‍යවලට අනුව යානයේ සිටි මගීන් 175 දෙනාගෙන් 173 දෙනෙකුම දකුණු කොරියානුවන් වන අතර, ඉතිරි දෙදෙනා තායිලන්ත ජාතිකයින් වනවා.

කෙසේ නමුත් දැවැන්ත මෙහෙයුමක් සිදුකිරීමෙන් අනතුරුවත් මුදාගෙන තිබුණේ යානයේ සිටි පිරිසෙන් දෙදෙනෙක් පමණයි.

ඔවුන් දෙදෙනාම කාර්ය මණ්ඩල සාමාජිකයෙක් බවට වාර්තා වනවා.

යානය අනතුරට පත්වූ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ කර නැතත්, ගොඩබැස්වීමට පෙර එහි ගොඩබැස්වීමේ පද්ධතියට යම් හානියක් සිදුව ඇති බවට බලධාරීන් සැකපළකරනවා.

කුරුල්ලන් යානයේ ගැටීම ඊට හේතුවන්නට ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ සංශෝධිත පනත් කෙටුම්පත මැති සබයට

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න...

සතොස හරහා වී මිලදී ගැනීමට රජය සූදානම්

මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බව වෙළෙඳ හා...

සීගිරියේ සංචාරක ගැටලු විසඳන්න සාකච්ඡාවක්

දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් අද (03) විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්වුණා. මේ...

POPULAR ARTICLES

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය මිය ගිහින්

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇග්නස් කෙලෙටි අසනීප තත්ත්වයක් හේතුවෙන් හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේදී...

පුංචි ඡන්දයේ සංශෝධිත පනත් කෙටුම්පත මැති සබයට

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න...

කැලිෆෝනියාවේ ගුවන් අනතුරක් – 2ක් මරුට

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී කුඩා ගුවන් යානයක් ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවක වහලයක් මතට කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඒ...