28 C
Colombo
Saturday, January 4, 2025

හොරට පාස්පෝට් ගන්න ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

- Advertisement -

ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට පැමිණි පුද්ගලයකු තමාගේ හිතවතෙකු බවට සාවද්‍ය ලෙස පවසා ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනමට ලක් කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය පවසනවා.

එලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ, නාරහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත සුහුරුපාය පොලිස් මුරපොලේ රාජකාරී යොදවා සිටි කොස්තාපල්වරයෙක්.

කොස්තාපල්වරයා සුහුරුපාය පොලිස් මුරපොලේ රාජකාරිය යොඳවා සිටියදී ඉකුත් 19 වැනිදා එම ස්ථානයෙන් බැහැරව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට පැමිණි බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හදිසි අවස්ථාව විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ නිර්දේශ මණ්ඩලය වෙත එම පුද්ගලයා ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට උත්සාහ කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් එම කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදෙස් දූතයින් පත්කිරීමේ ප්‍රමාදය ගැන පැහැදිලි කිරීමක්

විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය නිවේදනයක්...

වෛරස උණ ගැන චීනයෙන් දැනුම්දීමක්

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, ශීත දේශගුණික...

කාබනික සීනි නිෂ්පාදනය කිරීමේ සැලසුමක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (03) ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට එක් වුණා. එහිදී...

POPULAR ARTICLES