යල කන්නයේ වගා හානි පරික්ෂාව අදින් අවසන් කරන බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ, පොළොන්නරුව, වවුනියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල වගා හානි පරික්ෂාව මේ වන විට අවසන් කර ඇති බවයි.
ගංවතුරෙන් සිදු වූ වගා හානි පරීක්ෂාව සිදු කෙරෙන්නේ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෙන්.
පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් හානි වූ ගොවිබිම් අක්කර 80,000 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළා.
අවසන් වාර්තා සකස් කළ පසු, කඩිනමින් වන්දි ගෙවීම ආරම්භ කිරීමට නියමිතයි.