26 C
Colombo
Monday, January 6, 2025

අත් හැර දැමු යාපනයේ ලේවායන් දෙකක් යළි ලුණු නිෂ්පාදනයට

- Advertisement -

යුධමය තත්ත්වයෙන් අත් හැර දැමුණු යාපනය ලුණු ලේවායන් දෙක යළි ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර ගන්නා බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා පවසනවා.

පසුගියදා  (28) සිය ධුරයේ වැඩ භාරගත් අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සදහන් කළා.

2009 යුධමය තත්ත්වයෙන් පසු යාපනය ප්‍රදේශයේ පවතින ලුණු ලේවායන් දෙක පැවැති කිසිදු රජයක් සංවර්ධනය කර ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර නොගෙන ඇති බවත්, එළැඹෙන ජනවාරි මැද වන විට එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත් සභාපතිවරයා මෙහිදී පවසා සිටියා.

ඔහු තවදුරටත් සඳහන් කළේ මාර්තු මාසය ආරම්භය වන විට එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ වන විට ලංකා හම්බන්තොට ලුණු සමාගම සතුව මෙට්‍රික් ටොන් 6000ක ලුණු ප්‍රමාණයක් පවතින බවත් එය ජනවාරි මාසය දක්වා ප්‍රමාණවත් බවත් නන්දන තිලක මහතා මෙහිදී පෙන්වා දුන්නා.

ලුණු හිඟයක් මතු නොවන බවත් අනියත බියක් ඇති කරගනිමින් ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙසත් ඔහු එහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

RECENT ARTICLES - SINHALA

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

ආශුගේ වීඩියෝ පටයක් ප්‍රචාරය කිරීම වලකා වාරණයක්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාගෙන් කප්පම් ඉල්ලීමකට අදාල අපහාසාත්මක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ(මුහුණු පොත) ප්‍රචාරය කිරීම වලක්වාලමින් විදේශ...

POPULAR ARTICLES

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

”2024 මොනික් ලෙගසි සම්මාන උළෙල” අති සාර්ථකව මෙවරත්

මොනික් සමාගම් ජාලයේ තිරසාර පදනම ලෙස,ශ්‍රී ලාංකික මූල්‍ය ක්ශේත්‍රයට එඩිතරව පැමිණි සිලෝන් මොනික් හි සම්ප්‍රාප්තිය පසුගිය දෙසැම්බර් 29 දින කුරුණෑගල ද එපිටොම් හෝටල් පරිශ්‍රයේදී...