මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හට සරණාගතයන් හමුවීමට යෑමට ඉඩ නොදීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් හෙට (31) උදෑසන 10ට මානව හිමිකම් කොමිසමට කැඳවා තිබෙනවා.
කොමිසමේ රාජකාරියට බාධා කිරිම, පනත යටතේ වරදක් වන අතර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා මෙම විමසීම පැවැත්වෙනව බවට වාර්තා වනවා.
මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ආගමන විගමන පාලක, ආගමන විගමන සහකාර පාලක ඇතුළු 5 දෙනෙක් මෙලෙස කැඳවා තිබෙනවා.