27.3 C
Colombo
Monday, January 6, 2025

ඊලෝන් මස්ක් නම වෙනස් කරලා

- Advertisement -

ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන ඊලෝන් මස්ක්, සිය නිල X ගිණුමේ නම “කෙකියුස් මැක්සිමස්”  (Kekius Maximus) ලෙස වෙනස් කර තිබෙනවා.

කෙසේවෙතත් තාක්ණික ලෝකය තුළ දැවැන්තයෙක් මෙන්ම ඇමරිකානු නව ජනාධිපති ලෙස තේරි පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙක් ලෙස සැලකෙන මස්ක්, මෙලෙස X මාධ්‍ය ජාලයෙහි සිය නම වෙනස් කීරිම සහ අන්ත- දක්ෂිනාංශිකයින් අතර මීම් (meme) එකක් වශයෙන් ජනප්‍රියව පැවති පෙපෙ’ නමැති මැඩියෙකුගේ රූපයක් සිය ගිණුම නිරූපණය කිරීමට යොදාගැනීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර නැහැ.

මස්ක්ගේ X ගිණුමෙහි පින්තූරයේ පෙපේ රෝමානු සොල්දාදුවෙකු ලෙස සැරසී, වීඩියෝ ගේම්වලදී භාවිත කරන උපකරණයක් (video game controller) අතැතිව සිටින ආකාරය දැක්වෙනවා.

මස්ක්ගේ මෙම ක්‍රියාව අන්තර්ජාලයේ හුවමාරු වන memes මත පදනම් වූ ඩිජිටල් මුදල් ඒකකයක් වන memecoin එකක අගය තියුනු ලෙස ඉහළ යාමට හේතු වී ඇති බවද වාර්තා වෙනවා.

මින් පෙර අවස්ථාවලද මස්ක්ගේ සමාජ මාධ්‍ය හැසිරීම් ක්‍රිප්ටෝ මිල කෙරෙහි බලපා ඇති නමුත්, ‘Pepe’ මීම් කොයින් සඳහා මස්ක්ගේ සම්බන්ධයක් ඇතිද යන්න සම්බන්ධයෙන් තහවුරු වී නැහැ.

RECENT ARTICLES - SINHALA

ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් නඩුවකින් නිදහස්

2021 වසරේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස රජයට බල කරමින් පැවති උද්ඝෝෂණයක් සිදු කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට අදාළව වසර තුනක්...

මනූෂගේ මල්ලි යළි රිමාන්ඩ්

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ තීරණය අද...

පාලමේ යකඩ පිට පාරින් එළියට; දෙදෙනෙක් මාට්ටු

රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවට අයත් ට්‍රක් රථයක සේවකයින් දෙදෙනෙකු පානදුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ් එම සංස්ථාවට අයත් යකඩ තොගයක් නීති විරෝධී ලෙස අලෙවිකිරීමේ...

POPULAR ARTICLES