27.3 C
Colombo
Monday, January 6, 2025

නීති විරෝධීව එකලස් කළ වාහන 8ක් සමග අයෙක් මාට්ටු

- Advertisement -

වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගැනීමට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය සමත් වුණා.

එහිදී එම ජාවාරමේ නිරත පුද්ගලයෙකු ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගැනුණේ මාතලේ ප්‍රදේශයේදීයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල යන මහත්වරුන්ගේ උපදෙස් මත නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

එකලස් කරන ලද වාහන 8ක් සැකකරු සන්තකයේ තිබී හමුවූ අතර, අංක තහඩු සහිත එම වාහනවල චැසි අංක වෙනස්කර ඇති බවට පොලීසිය සැක පළකරනු ලබනවා.

ඒ, අතරින් වාහන 06 භාවිතයට ගතහැකි මට්ටමේ පවතින අතර වාහන දෙකක් පවතින්නේ අබලන් තත්ත්වයකයි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී,  පිළියන්දල ප්‍රදේශයේ සඟවා ඇති තවත් වාහනයක් ගැන තොරතුරු අනාවරණය වී ඇති අතර එහි චැසි අංක, එන්ජින් සියල්ල වෙනස් කර ඇති බවද අනාවරණය වී තිබෙනවා.

මේ අතර සැකකරු සමග ක්‍රියාත්මක වන ජාලයක් පවතින බවට පොලීසිය අනාවරණය කරගෙන ඇති අතර, මූල්‍ය ආයතනයක සේවය කරන පුද්ගලයෙක්ද ඊට අයත් වනවා.

එකලස් කරන වාහන මිලදී ගන්නා ගැණුම්කරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදී ඇත්තේ ඔහු විසින් බව පොලීසිය පවසනවා.

මෙතෙක් සොයාගැනුණු වාහනවල වටිනාකම රුපියල් කෝටි 05කට අධික වන බවයි සදහන් වන්නේ.

සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරි 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

බස්නායක නිලමේ ගැටළුව ගැන බෞද්ධ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට වැඩ බැලීමට නිලමේවරයකු පත්කරන ලද්දේ පනතට අනුව මෙන්ම වගකීම් සහගතව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පවසනවා. අද...

රත්මලාන ගුවන්තොටුපළේ අවදානම් තාප්පය ඉවත් කිරීමට අවධානය

රත්මලාන ගුවන් තොටුපළේ ගාලු පාරේ මායිම් තාප්පය ඉවත් කිරීම සඳහා සමාලෝචනයක් සිදුකර තීරණයක් ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා...

ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් නඩුවකින් නිදහස්

2021 වසරේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස රජයට බල කරමින් පැවති උද්ඝෝෂණයක් සිදු කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට අදාළව වසර තුනක්...

POPULAR ARTICLES

පොලීසියේ අඩුපාඩු ගැන නීතිපති දෙපාර්තුමේන්තුවෙන් දැඩි තීරණයක්

සම්පූර්ණයෙන් විමර්ශන අවසන් නොකර පොලීසිය විසින් යොමු කරන වාර්තා සම්බන්ධයෙන් අපරාධ නඩු ගොනු විවෘත කිරීම හෝ අධිකරණයේ අධි චෝදනා ගොනු කිරීම නොකර සිටීමට නීතිපති...