27.3 C
Colombo
Monday, January 6, 2025

බස් රථයකට යටවී කුඩා දරුවෙක් මරුට

- Advertisement -

බස් රථයකට යටවීමෙන් වයස අවුරුදු හතක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (31) සවස වව්නියාව, පාවක්කුලම, යුනිට් 02 ප්‍රදේශයේදී  එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.

පාපැදියකින් මිතුරන් පිරිසක් සමඟ ගමන්ගත් දරුවෙකුගේ පාපැදිය බස් රථයේ ගැටී ඇති අතර, අනතුරුව දරුවා පසුපස රෝදයේ ගැටී ඇති බව වාර්තා වනවා.

අනතුරින් තුවාල ලැබූ දරුවා වව්නියාව සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමේදී ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පවසනවා.

අනතුරින් අබ්දුල් මජීඩ් උමර් නමැති 07 හැවිරිදි දරුවෙක්.

මියගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වව්නියාව සෙට්ටිකුලම රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උළුක්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

RECENT ARTICLES - SINHALA

බස්නායක නිලමේ ගැටළුව ගැන බෞද්ධ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට වැඩ බැලීමට නිලමේවරයකු පත්කරන ලද්දේ පනතට අනුව මෙන්ම වගකීම් සහගතව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පවසනවා. අද...

රත්මලාන ගුවන්තොටුපළේ අවදානම් තාප්පය ඉවත් කිරීමට අවධානය

රත්මලාන ගුවන් තොටුපළේ ගාලු පාරේ මායිම් තාප්පය ඉවත් කිරීම සඳහා සමාලෝචනයක් සිදුකර තීරණයක් ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා...

ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් නඩුවකින් නිදහස්

2021 වසරේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස රජයට බල කරමින් පැවති උද්ඝෝෂණයක් සිදු කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට අදාළව වසර තුනක්...

POPULAR ARTICLES

පොලීසියේ අඩුපාඩු ගැන නීතිපති දෙපාර්තුමේන්තුවෙන් දැඩි තීරණයක්

සම්පූර්ණයෙන් විමර්ශන අවසන් නොකර පොලීසිය විසින් යොමු කරන වාර්තා සම්බන්ධයෙන් අපරාධ නඩු ගොනු විවෘත කිරීම හෝ අධිකරණයේ අධි චෝදනා ගොනු කිරීම නොකර සිටීමට නීතිපති...