27.3 C
Colombo
Monday, January 6, 2025

අමෙරිකාවේ ට්‍රක් රථයක ගැටී 10 දෙනෙකු මරුට

- Advertisement -

අමෙරිකාවේ ඕර්ලින්ස් නගරයේ බර්බන් වීදියේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඕර්ලින්ස් යනු ලුසියානා ප්‍රාන්තයට අයත් නගරයක් වන අතර, එහි බර්බන් වීදියේ ජනතාව අතරට ට්‍රක් රථයක් කඩාවැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අමෙරිකාවේ වේලාවෙන් අද (01) අළුයම සිදු වූ මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියයන්නට ඇති බව නගර බලධාරීන් පවසන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්.

අදාළ ට්‍රක් රථය අධික වේගයෙන් ජනතාව අතරට කඩාවැදී ඇති අතර, පසුව එහි රියදුරු රථයෙන් පිටතට ගොස් වෙඩි තැබීමට ද උත්සාහ දරා තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් ඊට ප්‍රතිචාර ලෙසින් පොලීසිය ද ඔහු දෙසට වෙඩිතබා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇටම්පිටියේ පාසල් සිසුවියක් අතුරුදන්

16 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන් වී ඇති බවට ඇටම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අදාළ දැරිය පසුගිය ජනවාරි...

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්ගේ සහෝදරයා යළි රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන...

පසුගිය වසර 5 තුළ රිය අනතුරුවලින් 12,000ක් මරුට

පසුගිය වසර 5ක් ඇතුළත සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,140ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අනුව පොලිසිය සදහන් කළේ, 2020 වසරේ දී පුද්ගලයින් 2,363...

POPULAR ARTICLES