27.3 C
Colombo
Monday, January 6, 2025

සේවය හැර ගිය නිලධාරීන්ට වැඩිපුර ගෙවලා

- Advertisement -

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය හැර ගිය නිලධාරීන් 85 දෙනෙකුට ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය  නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

එම මුදල් කාලයක් තිස්සේ අය කර ගැනීමට අපොහොසත්ව තිබූ බවයි එහි දැක්වෙන්නේ.

මේ අතර මියගිය සහ විශ්‍රාම ගිය සේවකයන්56 දෙනෙකුගෙන් 37 දෙනෙකුට රුපියල් ලක්ෂ 11කට වැඩි මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මෙලෙස වැඩිපුර මුදල් ගෙවා තිබුණේ 2015 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වායි.

මේ අතර මාන් කේන්ති කජු ව්‍යාපෘතියේ කජුගස් 8787 ඇති බව සඳහන් වුවද දැනට පවතින්නේ කජු ගස් 3682 ක් වීම හේතුවෙන් කජු ගස් 5105ක ඌණතාවයක් පැවතුණ බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වෙනවා.

කජු වගාව සඳහා භාවිතා කරන මොස්පිලාන් පැකට් 2930ක් තාවකාලික ගබඩාවේ අනාරක්ෂිතව ගබඩා කිරීම හේතුවෙන් එම පැකට් සියල්ල කල් ඉකුත් වීමෙන් රජයට ලක්ෂ 31ක පමණ පාඩුවක් සිදුව ඇතැයි විගණන අංශ පවසනවා.

මේ තොරතුරු සඳහන් වන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේයි.

RECENT ARTICLES - SINHALA

ක්ලීන් ශ්‍රී ලංකා ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මෙරට දිනපතා සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන බව රථවාහන පාලන සහ...

සුවසැරියට නව සභාපතිවරයෙක්

1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකන් පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්වීම් සිදු කර තිබුණා. මීට අදාළ පත්වීම්...

ඇටම්පිටියේ පාසල් සිසුවියක් අතුරුදන්

16 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන් වී ඇති බවට ඇටම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අදාළ දැරිය පසුගිය ජනවාරි...

POPULAR ARTICLES