27.3 C
Colombo
Monday, January 6, 2025

පොලීසියෙන් අලුත් යෙදුමක්

- Advertisement -

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබෙනවා.

එම ජංගම දුරකථන යෙදවුම අද (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබුණා.

මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීම හැකියි.

ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk ඔස්සේ E-services වෙත පිවිස e-Traffic ජංගම දුරකථන යෙදවුම ඔබගේ ජංගම දුරකථනය වෙත පහසුවෙන් බාගත කර ගැනීමට හැකියාව ඇති බව පොලීසිය පවසනවා.

ඒ මඟින් ඔබගේ පැමිණිලි ක්ෂණිකව පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි බවද පොලීසිය සඳහන් කළා.

දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි පොලිස් ස්ථාන 607ක රථවාහන නිලධාරීන් රාජකාරි යෙදී සිටින අතර දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට මහජනයාගේ සහාය ලබා ගැනීම මෙම e-Traffic ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම මඟින් අපේක්ෂා කෙරෙනවා.

මෙම යෙදුමේ ඇති Camera option icon හෝ Vedio option icon භාවිතයෙන් රථවාහන වැරදි සම්බන්ධයෙන් හා මාර්ග ආශ්‍රිතව සිදුවන අනෙකුත් සිදුවීම් සම්බන්ධයෙන් ඡායාරූප සහ වීඩියෝපට මෙම ගිණුම හරහා පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි බව පොලීසිය පවසනවා.

එලෙස ලබා දෙන තොරතුරු අනුව රථවාහන වැරදි සිදු කරන රියදුරන් හා අනෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කර ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථාන හා පොලිස් අංශ වෙත යොමු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කරනු ඇති.

එම විමර්ශන කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද පොලිස් මූලස්ථානය මඟින් අධීක්ෂණය කරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

තවත් දුම්රිය පීලිපැනීමක්

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මිශ්‍ර දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබෙනවා. එම දුම්රිය දෙමෝදර ප්‍රදේශයේදී පීලිපැන ඇති බව වාර්තා වනවා. ඒ හේතුවෙන් බදුල්ල - මහනුවර...

සුව සැරියට අලුත් සභාපතිවරයෙක්

1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පිරිසක් පත් කර තිබෙනවා.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකරනු ලැබුවා. ඒ අනුව,...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මෙරට දිනපතා සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන බව රථවාහන පාලනය හා...

POPULAR ARTICLES