24.6 C
Colombo
Tuesday, January 7, 2025

වැඩබලන පොලිස්පතිගෙන් දැනුම්දීමක්

- Advertisement -

නීති විරෝධි ලෙස නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත බල්බ්, විවිධ නාද රටා ඇතුළු අමතර සවි කිරීම් සහිත වාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිසියට ‍දැනුම් දී තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට සමගාමීව මහමග ජීවිත සුරක්ෂිත කරමින් රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

ඊයේ සිට නැවත දැනුම් දෙන තුරු මේ පරීක්ෂා කිරීම් සිදු කළ යුතු බවද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර තිබෙනවා.

අධික ශබ්ද සහිත සයිලන්සර්, ඝෝෂාකාරී නලා ඇතුළු අනතුරුදායක සවිකිරීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස සොයා බලන ලෙසද උපදෙස් දී ඇතැයි සඳහන්.

මෙවැනි රථ වාහන මාර්ගයේ ධාවනය වුවද එය නුදුටුවාක් සේ රථවාහන පොලිසිය කටයුතු කිරීම ජනතාවගේ අප්‍රසාදයට හේතුවී ඇති බවත්, එය ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයටද හානියක් බවත් වැඩබලන පොලිස්පතිවරයා පවසනවා.

පොලිස්පතිවරයා උපදෙස් දී ඇත්තෙ එවැනි වාහන හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරිම සඳහා දෛනිකව පැය තුන බැගින් මෙහෙයුම් දෙකක් සෑම පොලිස් බල ප්‍රදේශයකම ක්‍රියාත්මක කළ යුතු බවටයි.

RECENT ARTICLES - SINHALA

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000ක්

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් සෑම...

චීන අලුත් වෛරසයට බය වෙන්න එපා

චීනයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා වෛරස් රෝග විශේෂඥ...

2025 පළමු පාර්ලිමේන්තු සභාවාරය අද

නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබෙනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ 2024...

POPULAR ARTICLES