24.6 C
Colombo
Tuesday, January 7, 2025

ප්‍රධාන ජලාශ වල ජල ධාරිතාව 86% ඉක්මවලා

- Advertisement -

පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වනවිට දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 33ක් වාන් දමමින් පවතින බවයි.

දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව අනුව අම්පාර දිස්ත්‍රික්කයේ 79%ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 95%ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ 71%ක්, මඩකළපුව, මොණරාගල, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල 82%ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ 91%, ගාල්ල, මහනුවර, කුරුණෑගල, පොළොන්නරුව, පුත්තලම යන දිස්ත්‍රික්ක 98%ක් ලෙස වශයෙන් සටහන් වී ඇති බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබෙනවා.

මේ අනුව දිවයිනේ සමස්ත ප්‍රධාන ජලාශවල ජල ධාරිතාවය 87.6%ක් බවට පත්ව ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක් වාන් දමමින් පවතින බැවින් එම ජලාශ ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාව ආපදා කළමනාකරණ අංශ විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධව අවධානය යොමු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

චීන අලුත් වෛරසයට බය වෙන්න එපා

චීනයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා වෛරස් රෝග විශේෂඥ...

2025 පළමු පාර්ලිමේන්තු සභාවාරය අද

නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබෙනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ 2024...

උතුරුමැද පළාතේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවිම විමර්ශනයට

තාවකාලිකව අත්හිටවූ උතුරුමැද පළාතේ 11 වන ශ්‍රේණියේ පිට වූ බව පැවසෙන විෂයන්වලට අදාළ වාර පරීක්ෂණ දින 10ක් ඇතුළත පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන...

POPULAR ARTICLES

2025 පළමු පාර්ලිමේන්තු සභාවාරය අද

නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබෙනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ 2024...

චීන අලුත් වෛරසයට බය වෙන්න එපා

චීනයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා වෛරස් රෝග විශේෂඥ...

නේපාල දේශසීමාව ආසන්නයේ භූමිකම්පාවක්

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටී භූකම්පනය සිදුව ඇතැයි...