29 C
Colombo
Tuesday, January 7, 2025

කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (03) දිනයේ දී වාර්තා වුණා.

එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42 ක් ලෙසින් සටහන්ව තිබෙනවා.

මේ අතර S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 46.05 කින් පහළ ගොස් ඒකක 4,925.82 ක් ලෙසින් වාර්තා වුණා.

රු. බිලියන 11.48 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබෙනවා.

මෙලෙස අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩව දින 27ක් පුරාවට එහි වර්ධනයක් දැකිය හැකි වූ පසුබිමක වීම විශේෂත්වයක්.

ප්‍රධාන වශයෙන් අද දිනයේ දී සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, LOLC හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප් සහ හේලීස් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම්, සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට බෙහෙවින් බලපෑ අතර දිනය තුළ සමාගම් 189ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබුණා.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රු. බිලියන 1.03ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු.මිලියන 882 ක්, HNB රු. මිලියන 401 ක්, සම්පත් බැංකුව රු. මිලියන 350 ක් සහ LOLC හෝල්ඩිංග්ස් රු. මිලියන 305 ක් ලෙසින් අද දිනයේ දී ඉහළ පරිවැටුම් වාර්තා කළ සමාගම් අතර පෙරමුණේ පසුවුණා.

RECENT ARTICLES - SINHALA

කටුනායකට පැමිණි ගුවන් යානා 4ක් හරවා යවලා

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්වීමට පැමිණි ගුවන් යානා 4ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ, කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (07)...

රාජ්‍ය ආයතන සතුව ඇති V8 රථ වෙන්දේසියට අදාළ චක්‍රලේඛය එළියට

රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු මස 1 වැනි දිනයට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල්...

මුදල් කාරක සභාවේ නව සාමාජිකයින් මෙන්න

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් පත් කර තිබෙනවා. නව වසරේ...

POPULAR ARTICLES