29 C
Colombo
Tuesday, January 7, 2025

පුංචි ඡන්දයේ සංශෝධිත පනත් කෙටුම්පත මැති සබයට

- Advertisement -

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ , මේ වනවිට පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය ඉදිරියේදී අභියෝගයකට ලක් නොකළහොත් එය මේ මාසයේදි ම සම්මත කරගැනිමට හැකියාව ලැබෙන බව ඔහු ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව සාමාන්‍ය පෙළ විභාගයටද බාධාවක් නොවන පරිදි අප්‍රේල් මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය සැලසුම් කර තිබෙනවා.

2023 වසරේ ප්‍රකාශයට පත් කළ පළාත් පාලන මැතිවරණය පැවැත්විමට නොහැකිවූයේ ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි ලබා නොදීම ‍හේතුවෙන්.

ඒ අනුව නවක ඡන්ද දායකයින්ටද අවස්ථාව සලසා දීමේ අරමුණින් මැතිවරණය සඳහා භාරදුන් නාම යෝජනා අවලංගු කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළා.

RECENT ARTICLES - SINHALA

සිළුමිණේ නියෝජ්‍ය කතෘවරිය තනතුරෙන් නෙරපලා

ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතෘ සුමුදු චතුරානී ජයවර්ධනව වහාම ක්‍රියාත්මක වන පරිදි එයින් නෙරපාහැර පුහුණු අංශයට යවා තිබෙනවා. සම්මුඛ පරීක්ෂණයක් හරහා ඉහළම ලකුණු ලබාගෙන...

ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් පිළිතුරක්

වෛද්‍ය සැපයීම් ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවයන් අතර සම්බන්ධීකරණයක් කෙරෙමින් පවතින බවත් දත්ත පද්ධතිය තවදුරටත් දියුණු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛදය නලින්ද ජයතිස්ස...

ප්‍රශ්නගත ඖෂධ නිසා දෑස් අන්ධ වූ පිරිසට රජයෙන් වන්දි

අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

POPULAR ARTICLES

මුදල් කාරක සභාවේ නව සාමාජිකයින් මෙන්න

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් පත් කර තිබෙනවා. නව වසරේ...