30 C
Colombo
Wednesday, January 8, 2025

මිලියන 50ක කෘෂි රසායන නීතිවිරෝධීව ගෙන්වූ 4ක් කොටු

- Advertisement -

ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් ගෙන්වූ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස ඊයේ (04) යාපනය වේලනෙයි, තුරේයුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධීව කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ගෙන්වූ බවට යුධ හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර තිබුණා.

පොලීසිය පැවසුවේ එහිදී නිලධාරීන් භාරයට ගත් කෘමි නාශක ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය තොගය රුපියල් මිලියන 50කට ආසන්න බවයි.

සැකකරුවන් හා කෘෂි රසායන ද්‍රව්‍ය තොගය යාපනය කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය හා යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

දැනෙන වෙනසක් ගැන කියන හරිනි

සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවත් එය පැය 24කින් සිදුකළ හැකි ක්‍රියාවලියක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අද (08) පාර්ලිමේන්තුවේ...

ධාවනය වෙමින් තිබූ බස් රථයක රියදුරුට පහරදුන් පිරිසක් අත්අඩංගුවට

හැටන් සිට මස් කෙලිය සාමිමලේ දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් හරස් කර, එම බස් රථයේ රියදුරා බස් රථයෙන් ඉවතට ගෙන පහර දුන් තරුණයන්...

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන දෙදින විවාදයක්

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වෙනවා. Clean...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 9 දැවී ලකුණු 255 ලබා ගත්තා වර්ෂාව නිසා පැය...