30 C
Colombo
Wednesday, January 8, 2025

වැටුප් රහිත නිවාඩුව ගැන දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

- Advertisement -

විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

අදාළ නිවාඩු අනුමත කිරීමේ දී දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් එමගින් නිකුත් කර ඇති බවට වාර්තා වනවා.

2022 වසරේ ජුනි මස 22 වන දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව වැටුප් රහිත නිවාඩු ලබාදීමේ දී සිදුවන අක්‍රමිකතා මඟහරවා ගැනීම සඳහා එම උපදෙස් මාලාව නිකුත් කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඇතැම් රාජ්‍ය නිලධාරීන් වසර 05ක් සඳහා දේශීය නිවාඩු ලබාගෙන එම නිවාඩු අවලංගු කිරීමකින් තොරව විදේශ නිවාඩු අයදුම් කිරීමේ සිදුවීම්ද වාර්තා වන බැවින් ඒ පිළිබඳව නිවාඩු අනුමත කිරීමට පෙර සලකාබලන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.

අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ විදේශ නිවාඩු අයදුම්පත් යොමු කිරීමේදී නිලධාරීන් විසින් මීට පෙර ලබා ඇති දේශීය හා විදේශීය නිවාඩු පරීක්ෂා කර ආවරණ ලිපිවල ඒ පිළිබඳව පැහැදිලිව සටහන් කළ යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ...

ඊශ්‍රායල ජාතිකයින් කරන ඉදිකිරීම්වලට අවසර දීලා නැහැ – හරිනි

ඊශ්‍රායල ජාතික ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා රජයේ කිසිදු ආයතනයකින් අවසරයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර්...

දැනෙන වෙනසක් ගැන කියන හරිනි

සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවත් එය පැය 24කින් සිදුකළ හැකි ක්‍රියාවලියක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අද (08) පාර්ලිමේන්තුවේ...

POPULAR ARTICLES

ඊශ්‍රායල ජාතිකයින් කරන ඉදිකිරීම්වලට අවසර දීලා නැහැ – හරිනි

ඊශ්‍රායල ජාතික ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා රජයේ කිසිදු ආයතනයකින් අවසරයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර්...

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ...

ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 9 දැවී ලකුණු 255 ලබා ගත්තා වර්ෂාව නිසා පැය...