27 C
Colombo
Wednesday, January 8, 2025

පොලීසියේ අඩුපාඩු ගැන නීතිපති දෙපාර්තුමේන්තුවෙන් දැඩි තීරණයක්

- Advertisement -

සම්පූර්ණයෙන් විමර්ශන අවසන් නොකර පොලීසිය විසින් යොමු කරන වාර්තා සම්බන්ධයෙන් අපරාධ නඩු ගොනු විවෘත කිරීම හෝ අධිකරණයේ අධි චෝදනා ගොනු කිරීම නොකර සිටීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවට පුවතක් ‘The Sunday Times’ වාර්තා කරනවා.

ඉහළ පෙළේ පැමිණිලි සම්බන්ධයෙන් නඩු පැවරීම් නොමැතිකම පිළිබඳ චෝදනා එල්ල වන පසුබිමක තමන් මුහුණ දෙන දුෂ්කරතා සලකා බලමින්, නීතිපති දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති බව එම වාර්තාවේ සඳහන්.

බරපතල අපරාධ නඩු බොහොමයක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව පොලිස් පරීක්ෂණ සම්පූර්ණයෙන් අවසන් නොවීම බව නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් වාර්තා කිරීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.

එමෙන්ම, මෙම තීරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ අද (06) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිත බවද වාර්තා වෙනවා.

එහිදී පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

මෙ අතර අපරාධ නඩු පවත්වාගෙන යෑමේදී සිදුවන අපහසුතා පිළිබඳවද මෙහිදී අවධානයට ලක් වනු ඇති බවද සඳහන්.

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය නිමිත්තෙන් දෙසැම්බර් 9 වැනිදාට යෙදී තිබූ උත්සවය අමතමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු පැවරීමේ ප්‍රමාදය පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රශ්න කර තිබුණා.  

පොලිස් පරීක්ෂණ අවසන් නොවීම හේතුවෙන් නඩු විභාග අවසන් කිරීමට නොහැකි වීම වසර ගණනක් පුරාවට පැවතුණ ගැටලුවක්.

2015 භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සහ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු නඩු හතක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක්ද නිකුත් කළා.

මේ අතර, විමර්ශන අවසන් නොකර නඩු පැවරීමට තම දෙපාර්තමේන්තුවට කරුණ ලබා නොදෙන ලෙසද නීතිපතිවරයා පොලිසියට උපදෙස් දී තිබෙනවා.

මෙම තීරණයට අනුකූලව, විමර්ශනයක් අවසන් කර ඇති බවට සහතික කරන ලියකියවිලි, අදාළ උපුටා ගැනීම් සහ විශේෂඥ වාර්තා සමඟ පොලිසියට ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති අතර අසම්පූර්ණ වාර්තා නැවත පොලිස් මූලස්ථානයට යවනු ඇති.

නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ පොලිස් විමර්ශන මන්දගාමී බවට එල්ල වන විවේචනවලින් ගැලවීම සඳහා පොලීසිය උසාවි නඩු පැවරීම සඳහා අසම්පූර්ණ කරුණු ඔවුන් වෙත ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම, ඇතැම් අවස්ථාවලදී ප්‍රධාන සැකකරුගෙන් ප්‍රකාශයක් පවා ලබා නොගෙන පොලිසිය විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යවා ඇති බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.මනතුංග මහතා පවසා ඇත්තේ, නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණය පිළිබඳව තමා නොදන්නා අතර  ඒ පිළිබඳව සොයා බලා ප්‍රතිචාරයක් ලබාදෙන බවයි.

RECENT ARTICLES - SINHALA

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

ලසන්තට යුක්තිය ඉටු කරන්න රනිල්ටත් බැරි වුණා – රවී (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ට සන්නිවේදකයෙකු සහ ගවේශනාත්මක මාධ්‍යවේදීන් අතර ජ්‍යෙෂ්ඨයෙකු වූ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්ව අදට වසර 16 ක්. ලසන්ත වික්‍රමතුංග මහතා සිහිපත්...

LankaQR ගෙවීම්වලදී වෙළඳුන්ගෙන් ගන්න ගාස්තුව දෙගුණයකින් වැඩි කරලා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් වන LankaQR මඟින් ගෙවීම් ලබා ගැනීමේදී ව්‍යාපාර ආයතනවලට දැරීමට සිදුවන ගාස්තුව 2025 ජනවාරි...

POPULAR ARTICLES