25 C
Colombo
Thursday, January 9, 2025

මුදල් වංචා කළ අඹුසැමි යුවල නැවතත් රිමාන්ඩ්

- Advertisement -

නීතිවිරෝධි ආකාරයෙන් අන්තර්ජාලය ඔස්සේ තැන්පතු මුදල් ලබාගෙන රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අඹුසැමි යුවලක් එලැඹෙන 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළා.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඊලඟ දින කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ අන්තර්ජාලය හරහා මුදල් තැන්පතු භාරගෙන අදාළ සැකකරුවන් රුපියල් කෝටි 260කට අධික මුදලක් වංචා කර ඇතැයි අනාවරණය වූ බවය‍ි.

ඒ අනුව මෙම සැකකරුවන් ඇප මත මුදාහරිනු ලැබුවහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි හෙයින් ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ පොලිසිය විසින් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES