25 C
Colombo
Thursday, January 9, 2025

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

- Advertisement -

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල් 450 ක් අමතර ගාස්තුවක් ගෙවීමට සිදුව තිබෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතාට ජාතික වෘත්තිය, ව්‍යාපාර හා සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව මහතා අද (06) පැමිණිළි කළා.

ආගමන විගමන දෙපාර්තුමේන්තුව සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය ක්‍රියාත්මක කිරීමට සැරසුණු ‘ඊ පාස්පෝට්’ ක්‍රමවේදය අධිකරණමය කටයුත්ත හේතුවෙන් අත්හිටුවීමෙන් විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය වසර විස්සක කාලයක් අඛණ්ඩව කළ සමාගමටම දී ඇති බවත් එම සමාගම මෘදුකාංග ගාස්තුවක් යැයි පවසමින් මෙම මුදල් රජයෙන් අයකරගන්නා බව වෛද්‍ය චමල් සංජීව මහතා පැමිණිල්ල කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ දත්ත මැකීයාම සම්බන්ධයෙන් ද පැමිණිලි කළ බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාධාරණ හා පිළිගත හැකි පරීක්ෂණ කරනු ඇතැයි විශ්වාසයක් නොමැති බවත් ඔහු සඳහන් කළා.

දේශපාලන පරිවර්ථනයක් වූවත් පසුගිය කාලයේ වංචාවන්ට මුල් වූ නිලධාරීන් කටයුතු කරන නිසා ඉදිරි විමර්ශනවලදී එම නිලධාරින් විමර්ශන හා නීති අංශ නොමග යැමීමට හෝ සාක්කි වසන් කිරිමට ඉඩ ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි බව වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES