25 C
Colombo
Thursday, January 9, 2025

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගැන හෙළිදරව්වක්

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයන් අනුව සැකකරුවන් 747ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සැකකරුවන් සහ සැකකාරියන් 100කට මහාධිකරණයේ නඩු 14ක නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර ඇති බවයි.

මෙන්ම මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා පවසා තිබුණා.

තවද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව තුළින් අනාවරණය වූ කරුණු ද ඊට පරිබාහිරව විමර්ශනවලදී අනාවරණය වූ කරුණු ද පදනම් කරගනිමින් තවදුරටත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

අමාත්‍යවරයා පැවසුවේ ඒ තුළින් අනාවරණය වූ කරුණු මත ඉදිරි නෛතික කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

එමෙන්ම වර්ථමාන රජය බලයට පත්වූ පසුව මෙම විමර්ශන නව අදියරකින් ආරම්භ වී ඇති බවත් ඒ අනුව පසුගිය නොවැම්බර් 11 වැනි දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

ඒ අනුව මේ දක්වා සිදුකරනු ලැබූ විමර්ශන අනුව සිවිල් සාක්ෂිකරුවන් 12 දෙනෙකුද, හමුදා සාමාජියකින් 7 දෙනෙකු, පොලිස් නිලධාරීන් 24ක් සහ බන්ධනාගාරගත නිලධාරීන් 3 දෙනෙකු ඇතුළුව 48 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසනවා.

RECENT ARTICLES - SINHALA

පසුගිය මාස 17දී ගුවන් ගමන් වාර 548ක් පරක්කු වෙලා

ශ්‍රිලන්කන් ගුවන් සමාගම  පසුගිය මාස 17ක කාලය තුලදි ගුවන් ගමන්වාර 548ක්  පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බව ජාතික විගණන කාර්යාලය...

Breaking: ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක්

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු ලෙස නම්...

උන්ඩියල් සහ හවාලා මුදල් ගනුදෙනු ගැන දැනුම්දීමක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සැලකිල්ලට ගනු ලැබූ රෙගුලාසි හතතරකින් තුනක් සහ නියෝගයක් සලකා බැලීමෙන් පසු අනුමත කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද...

POPULAR ARTICLES