25 C
Colombo
Thursday, January 9, 2025

අලුතින් රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කරලා

- Advertisement -

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පසුගිය කාලයේ රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ නාමය අපකීර්තියට පත් කළ අවස්ථා තිබූ බවත් නව පත්වීම් ලබා ගන්නා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ විදෙස් තානාපති සේවය සඳහා නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති සාකච්ඡාවේදී.

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සපයනු ලබන සේවාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙසත් එම රටවල සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී ඒ සඳහා මූලිකත්වය දෙමින් කිසිදු භේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නව රාජ්‍ය තාන්ත්‍රිකයන්ට උපදෙස් ලබා දුන්නා.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිටින මැද පෙරදිග, දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල රාජ්‍යතාන්ත්‍රික සේවා සැපයීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තිබෙන අවස්ථා ප්‍රමාණය වැඩි කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ආයෝජකයන්ට නව වෙළඳපොළ අවස්ථා සොයා ගැනීම රාජතාන්ත්‍රික සේවාව හරහා සිදුකළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා සෘජු විදේශ ආයෝජන කැඳවා ගෙන ඒම තානාපතිවරයාට පැවරෙන ප්‍රධාන වගකීමක් බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදි සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදේශ තානාපති සේවය සඳහා තානාපතිවරු 04 දෙනෙකු සහ මහ කොමසාරිස්වරයකු පත් කර තිබෙනවා.

රාජ්‍ය තාන්ත්‍රික සේවයේ වසර විස්සකට වඩා පළපුරුද්ද හා අත්දැකීම් සහිත නිලධාරීන් පිරිසක් මෙලෙස නව රාජ්‍ය තාන්ත්‍රිකයින් ලෙස පත් කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව,කටාර් රාජ්‍ය යේ තානාපති – ආර්.එස්.ඛාන් අසාඩ් මහතා,රුසියානු තානාපති – එස්.කේ. ගුණසේකර මහත්මිය ,කුවේට් තානාපති – එල්.පී. රත්නායක මහතා ,ඊජිප්තු තානාපති – ඒ.එස්.කේ. සෙනෙවිරත්න මහතා හා නවසීලන්ත මහ කොමසාරිස් – ඩබ්ලිව් .ජී.එස්. ප්‍රසන්න මහතා මෙලෙස පත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

පසුගිය මාස 17දී ගුවන් ගමන් වාර 548ක් පරක්කු වෙලා

ශ්‍රිලන්කන් ගුවන් සමාගම  පසුගිය මාස 17ක කාලය තුලදි ගුවන් ගමන්වාර 548ක්  පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බැව ජාතික විගණන කාර්යාලය...

Breaking: ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක්

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු ලෙස නම්...

උන්ඩියල් සහ හවාලා මුදල් ගනුදෙනු ගැන දැනුම්දීමක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සැලකිල්ලට ගනු ලැබූ රෙගුලාසි හතතරකින් තුනක් සහ නියෝගයක් සලකා බැලීමෙන් පසු අනුමත කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද...

POPULAR ARTICLES