30 C
Colombo
Thursday, January 9, 2025

2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් අවසන්

- Advertisement -

2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් මේ වනවිට නිදහස් කර අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

එහි සභාපති පේමසිරි ජාසිං ආරච්චි මහතා පෙන්වා දෙන්නේ ඒ අනුව නිර්දේශිත වූ ගොවීන්ට හිමි වන්දි මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ යටතේ මේ වනවිට ගොවීන් 6,459 දෙනෙකු සඳහා අක්කර 5,246ක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් නිදහස් කර ඇති අතර වගා හානි නිර්දේශිත වීමෙන් පසු වන්දි මුදල් ගිණුම් ගත නොවූ ගොවීන් වේ නම් ඒ පිළිබඳව අභියාචනා කිරීමට ඔවුන්ට අවකාශ පවතිනවා.

ගෙවා අවසන් නොකළ දිස්ත්‍රික්වල වන්දි මුදල කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කෙරෙමින් ඇති බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිං ආරච්චි මහතා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමතිගෙන් පුවත් මවන මාධ්‍ය ආයතනවලට පාඩමක්

චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අද (09) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර...

පාසල් විභාග ගැන තීරණයක්

ලබන වසරේ (2026) ආරම්භයේ සිට විභාග පැවැත්වීමටත් පාසල් වාරය ද සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය...

සහල් ආනයනයට අවසර දුන් කාලය හෙටින් අවසන්

පවතින සහල් හිඟයට විසඳුමක් වශයෙන් රජය විසින් පසුගිය දෙසැම්බර් 04 වෙනිදා සිට පෞද්ගලික අංශයටද සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබා දී තිබුණා. ඒ අනුව,  සහල්...

POPULAR ARTICLES

සෞඛ්‍ය ඇමතිගෙන් පුවත් මවන මාධ්‍ය ආයතනවලට පාඩමක්

චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අද (09) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර...

පාසල් විභාග ගැන තීරණයක්

ලබන වසරේ (2026) ආරම්භයේ සිට විභාග පැවැත්වීමටත් පාසල් වාරය ද සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය...

පසුගිය මාස 17දී ගුවන් ගමන් වාර 548ක් පරක්කු වෙලා

ශ්‍රිලන්කන් ගුවන් සමාගම  පසුගිය මාස 17ක කාලය තුලදි ගුවන් ගමන්වාර 548ක්  පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බව ජාතික විගණන කාර්යාලය...