31 C
Colombo
Thursday, January 9, 2025

වාහන ආනයනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

- Advertisement -

කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා එකතු කළ අගය මත බදු (වැට්) එකතු කිරීමේ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කරුණු පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම , බදු අනුකූලතාවය සහ ආදායම් ඉපැයීම වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන විස්තීර්ණ ඩිජිටල් පද්ධතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී.

මෙහිදී, මෝටර් රථ ආනයනය, රඳවා ගැනීමේ බදු සහ වැට් බදු එකතු කිරීම, ඩිජිටල්කරණය පිළිබඳ ගැටලු සම්බන්ධව අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇති අතර, රට තුළ පවත්නා මූල්‍ය අර්බුදය සහ ආර්ථික ප්‍රමුඛතාවන් සැළකිල්ලට ගනිමින් මෙම ගැටලු විසඳා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබුණා.

ආදායම් බදු වලට යටත් නොවන විශ්‍රාමිකයින්ගෙන් අය කරන රඳවා ගැනීමේ බදු නැවත ඔවුන්ට ලබා දීම සඳහා පහසු ක්‍රියාවලියක් සැකසීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව සුබවාදීව අදහස් පළ කළ ජනාධිපතිවරයා, රට යථා තත්ත්වයට පත්වෙමින් ස්ථාවරත්වය කරා ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින බව සඳහන් කර ඇති අතර වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාව වෙත ලබාදෙන ප්‍රතිලාභ වැඩි කිරීමට රජය කැපවීමෙන් කටයුතු කරන බව ද එහිදී අවධාරණය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

දරුවෝ රෝගී වෙනවා නම් අනාගතය සුබදායක නැහැ – වෛද්‍ය දීපාල්

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ,...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

මොනවා කළත් මල්ලි නිදහස් කරන්නේ නැහැ – මහින්ද ජයසිංහ (වීඩියෝ)

ජාතික ජන බලවේගය ප්‍රමුඛ රජය යටපත් කිරීමට ඉරටත් උඩින් සිටින බව පවසන මාධ්‍ය නාලිකාවක් කොතරම් කෙතරම් උත්සාහ කළත් “මල්ලි නිදහස් කිරීමට” කිසිසේත්ම ඉඩ නොතබන...

POPULAR ARTICLES