28 C
Colombo
Thursday, January 9, 2025

ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පාකිස්ථානයේදී අභිරහස් ලෙස මරුට

- Advertisement -

ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ මළ සිරුරක් පාකිස්ථානයේ මහල් නිවාස‍යක තිබී හමුවු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය පවසද පරිදි, පාකිස්ථානයේ ජර්මානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරයා ලෙස සේවය කරන ලද නිලධාරියා එලෙස මිය ගොස් තිබෙනවා.

ඔහුගේ මළ සිරුර එම නිලධාරියා නවාතැන් ගෙන් සිටින ඉස්ලාමාබාද්හි පිහිටි මහල් නිවාස සංකීර්ණයක නිවසක තිබිය දී සොයා ගැනුණු බව පාකිස්ථාන පොලිසිය තහවුරු කළ බවත් එම මාධ්‍ය වාර්තා පවසනවා.

තෝමස් ෆීල්ඩර් නමැති එම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා දින දෙකක් පුරා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලය ඔහු සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා තිබෙනවා.

අනතුරුව ඔහුගේ නවාතැන වෙත පැමිණි තානාපති කාර්යාලයේ සාමාජිකයින් එහි තිබූ ඔහුගේ ඔහුගේ මළ සිරුර සොයා ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අනතුරුව ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති අතර, කෙසේ නමුත් මරණයට හේතුව විදෙස් මාධ්‍ය මෙතෙක් වාර්තා කර නැහැ.

RECENT ARTICLES - SINHALA

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

ලයිට් බිල දැන්ම අඩු කරන්න බැහැ – බලශක්ති ඇමති

විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බව බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී...

දරුවෝ රෝගී වෙනවා නම් අනාගතය සුබදායක නැහැ – වෛද්‍ය දීපාල්

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ,...

POPULAR ARTICLES

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

අමෙරිකාව අසරණ කළ ගිනි කුණාටුව

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ඇති වූ ළැව් ගින්න මේ වනවිට හොලිවුඩ් කඳුකර ප්‍රදේශය දක්වා පැතිරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හොලිවුඩ් කඳුකරයේ ගින්න වේගයෙන්...