28 C
Colombo
Thursday, January 9, 2025

ලසන්තට යුක්තිය ඉටු කරන්න රනිල්ටත් බැරි වුණා – රවී (වීඩියෝ)

- Advertisement -

ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ට සන්නිවේදකයෙකු සහ ගවේශනාත්මක මාධ්‍යවේදීන් අතර ජ්‍යෙෂ්ඨයෙකු වූ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්ව අදට වසර 16 ක්.

ලසන්ත වික්‍රමතුංග මහතා සිහිපත් කරමින්, බොරැල්ල පොදු සුසාන භූමියේදී අද (08) පෙරවරුවේ ගුණ සැමරුමක් පැවැත්වුවා.

එම අවස්ථාවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වසර 16 ගියද සාධාරණයක් ඉටුවි නොමැති බවයි

ලසන්ත ඝාතනයෙන් පසු ආණ්ඩු හතරක් පැමිණි බවත් මෙවර හෝ සාධාරණයක් ඉටුවෙතැයි බලාපොරොත්තු වන බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලතල තිබුණද ලසන්තට සාධාරණයක් ඉටු නොකළ බවද රවි කරුණානායක මහතා අවධාරණය කර සිටියා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රවි කරුණානායක මහතා පැවසුවේ මේ සඳහා යම් විධියක දේශපාලන මැදිහත්විමක හැඩරුවක් දකින්නට ලැබෙන බවත් එම දේශපාලන රැකවරණය නැති කිරිම අවශ්‍ය බව සඳහන් කළා.

‘රනිල් බලතල තියගෙන විධිමත්ව කටයුතු කරන්න තිබුණා.මිත්‍රෙයක් ලෙස අපි කතා කලා.නමුත් මොනවද වෙලා තියෙන්නේ කොහෙද හිරවෙලා තියෙන්නේ අපි දන්නැහැ. ඒක හොයල බලලා කටයුතු කරනවා…මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වෙලා තියෙනවා.එළියට එන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය තියනවා.’

ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග මහතා ඇතුළු පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම පැවැත්වු අතර මේ සඳහා සිවිල් ක්‍රියාකාරීන්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් ද එහි පැමිණ සිටියා.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES