25 C
Colombo
Friday, January 10, 2025

අනවශ්‍ය උපාංග ඉවත් කරන්න බස්වලට මාස 3ක්‍ දීලා

- Advertisement -

බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර ඊයේ (08) පැවැත් වූ සාකච්ඡාවේදී මෙම තීරණයකට පැමිණි බව ඔහු පවසනවා.

මෙම සාකච්ඡාවේදී පොලිස්පතිවරයා පවසා ඇත්තේ රටක මාර්ග විනය යනු රටක තත්ත්වය පිළිබඳ මිනුම් දණ්ඩයක් බවයි.

ඒ අනුව දේශපාලන අතගැසීම්වලින් තොරව මේ වනවිට මාර්ග විනය සකස්කිරීමේ ක්‍රියාවලිය සඳහා පවත්නා නීති උපයෝගී කරගෙන මෙහෙයුම් සිදුකරන බව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මෙම මෙහෙයුම් හේතුවෙන් දිනකට මාරක රිය අනතුරු වාර්තාවීම් 4ක් හෝ 5ක් දක්වා අඩුව ඇති බවත්, අනෙකුත් රිය අනතුරු ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් පවසා තිබුණා.

මෙම සාකච්ඡාවේදී බස් සංගම් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ වාහනවල අලංකරණය සඳහා සවිකර ඇති කොටස් ඉවත්කිරීම හෝ එය නීත්‍යානුකූල තත්ත්වයට පත්කරගැනීම සඳහා ලබාදී ඇති සති දෙකක කාලය ප්‍රමාණවත් නොවන බවයි.

ඒ හේතුවෙන් මාස තුනක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම සවිකිරීම් මගින් රිය අනතුරට තුඩුදෙන හෝ අනතුරකදී රිය අනතුරේ ස්වභාවය වැඩිකරන ආකාරයේ සවිකිරීමේ වේ නම් ඒවා ඉවත්කිරීමට පොලීසිය කටයුතු කරන බව ඊට ප්‍රතිචාර ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම්දී තිබුණා.

කෙසේ නමුත් එසේ නොමැති සවිකිරීම් වේ නම් ඒවා නිත්‍යානුකූල ලෙස වාහනයේ ලියාපදිංචි සහතිකයට ඇතුළත් කිරීම හෝ ඒවා ඉවත්කර නීතියට අනුගත වීම සඳහා මාස තුනක කාලයක් ලබාදීමට හැකි බවයි.

මේ අතර මෙම සාකච්ඡාවේදී බස් සංගම් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලීසියේ නිලධාරීන් බස්රථ තුළට නංවා බස්රථ රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් ක්‍රියාකිරීම හැකිතාක් සීමාකරන ලෙසයි.

මෙම ක්‍රියාවලිය මහජනතාවට අපහසුතාවක් නොවන ආකාරයට තවදුරටත් සිදුකරන බව එහිදී වැඩබලන පොලිස්පතිවරයා පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES