29 C
Colombo
Friday, January 10, 2025

මුලතිව් ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක්

- Advertisement -

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින මියන්මාරයේ සිට පැමිණි සරණාගතයින් යළි පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (09) විරෝධතාවක් පැවැත්වුණා.

මෙම විරෝධතාවය පැවැත්වුණේ, සිවිල් ක්‍රියාකාරීන්, කාන්තා සංවිධාන නියෝජිතයන්, ජනමාධ්‍යවේදීන් සහ ධීවරයන් ඇතුළු පිරිසක් එක්වයි.

එහිදී විරෝධතාකරුවන් මෙම සරණාගතයින් හට මානුෂියව සලකන ලෙස රජයෙන් ඉල්ලමින් විරෝධතාවයේ නිරත වි තිබෙනවා.

ඔවුන් විසින් රජයට විවෘත සංදේශයක් ද ඉදිරිපත් කළ අතර ලංකාවද පාර්ශ්වයක් වන එක්සත් ජාතීන්ගේ එකඟතා අනුව කටයුතු කරන ලෙස එමගින් විරෝධතාකරුවන් ඉල්ලා සිටියා.

මෙම අවස්ථාවට සහභාගී වී සිටි මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන රුකී ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙම කණ්ඩායම අතර ළමයින් පවා සිටින බවයි.

මෙම පිරිස ගැන ලංකාව අන්තර්ජාතික එකඟතා උල්ලංඝනය කරමින් කටයුතු කළහොත් රට මහත් අපකීර්තියකය ලක්වීමට ඉඩ ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

තවත් ප්‍රශ්න පත්‍රයක් ගැන පරීක්ෂණයක්

වයඹ පළාතේ 10 වැනි ශ්‍රේණිය ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රයේ දෝෂ කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ මුදිතා ජයතිලක මහත්මිය සඳහන්...

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම මහතා පත්කර තිබෙනවා. අද (10) දින සිට ක්‍රියාත්මක වෙන...

බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ හිරවෙලා

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800 - 1000ක් අතර ප්‍රමාණයක් වරාය තුළ රැදී සිටින බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය...

POPULAR ARTICLES