31 C
Colombo
Friday, January 10, 2025

වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින්

- Advertisement -

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඒ අනුව මේ වසරේ ජූලි මාසයේදී එහි ඉදිකිරීම් නිම කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඉන්දියාවේ අදානි සමාගම විසින් සංවර්ධනය කෙරෙන බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ලබන මාසයේදී අවසන් කිරීමට හැකියාව ලැබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ මෙම පර්යන්ත දෙකේ ඉදිකිරිම් අවසන් වීමත් සමග කොළඹ වරායේ වාර්ෂික බහාලුම් මෙහෙයුම් ධාරිතාව මිලියන 08 සිට 13 දක්වා ඉහළ යන බවයි.

මෙය මෙරට සංවර්ධන ක්‍රියාවලියට හා ජාත්‍යන්තර වෙළඳාමට දැඩි පිටිවහලක් බවද ඔහු ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

Breaking: දුමින්දට බන්ධනාගාර රෝහල අහිමිවෙයි

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන්, වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවා තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක මහතා...

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

POPULAR ARTICLES

Breaking: දුමින්දට බන්ධනාගාර රෝහල අහිමිවෙයි

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන්, වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවා තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක මහතා...

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට...