ග්‍රාම නිලධාරී පුරප්පාඩු 3000 ක් පමණ මේ වනවිට පවතින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ , මේ හේතුවෙන් ග්‍රාම නිලධාරීවරුන්ට වසම් කිහිපයක වැඩ බැලීමට සිදුව ඇති බවයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව චන්දන අබේරත්න අමාත්‍යවරයා සඳහන් කරනවා.
ඔහු පවසා සිටියේ ඒ සඳහා වෘත්තිය සමිති නියෝජිතයින් සමග මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.