ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් පුවත්පත් මණ්ඩලයට පැමිණිල්ලක් යොමු කර තිබෙනවා.
වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්යක්ෂවරයා ඉලක්ක කරගනිමින්, සති අන්ත සහ සතියේ දිනවල වෙළඳ පොළට නිකුත් කරන පුවත්පත් කිහිපයක සාවද්‍ය තොරතුරු ඇතුළත් ප්රවෘත්ති පළ කර ඇති බව පවසමින් එම අධිකාරිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
එම සාවද්‍ය පුවත හේතුවෙන් ශ්‍රි ලංකා වරාය අධිකාරියේ කිර්ති නාමයටත් වර්තමාන කළමණාකාර අධ්යක්ෂවරයාගේ කිර්ති නාමයටත් කැළලක් ඇතිව තිබෙන නිසා ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව එම අධිකාරිය පැමිණිල්ලෙහි සඳහන් කර තිබෙනවා.