25 C
Colombo
Saturday, January 11, 2025

මුද්‍රණාලායාධිපතිගේ පත්වීමේ සාදයට රජයේ වාහන (වීඩියෝ)

- Advertisement -

නව මුද්‍රණාලායාධිපතිගේ පත්වීම වෙනුවෙන් ඊයේ (10) රාත්‍රියේ කැළණිය ප්‍රදේශයේ හෝටලයක සාදයක් පවත්වා තිබෙනවා.

එම සාදයට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන් එම සාදයට මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාහනවලින්ම පැමිණ ඇති බවට News19 වෙත තොරතුරු වාර්තා වුණා.

ඒ අනුව අදාළ සාදය පැවැත්වෙන අතරතුර එම හෝටලයට බාහිර පුද්ගලයින් ඇතුළත් කර නොගැනීමට හෝටල් බලධාරීන් කටයුතු කර තිබුණා.

මෙහි විශේෂත්වය වන්නේ පසුගියදා විශ්‍රාම ගිය හිටපු මුද්‍රණාලායාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මියද පැමිණ සිටිමයි.

ගංගානි කල්පනා ලියනගේ මහත්මිය හට මැතිවරණය කල්දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම චෝදනා එල්ල වුණා.

නව රජය පත්වීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 02 වැනිදා නව මුද්‍රණාලායාධිපති ලෙස කේ.ජී.පී පුෂ්පකුමාර මහතා පත් කරනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

ධනංජයගේ සහෝදරයා රිමාන්ඩ්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ජනවාරි 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර...

වැඩි වූ මත්පැන්වල මිල ගණන් මෙන්න

අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සඳහා වන නිෂ්පාදන බද්ද 6 % කින් වැඩි කර තිබෙනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මුදල් අමාත්‍යාංශය ඒ බව...

පොලීසියට අලුතින් SPEED GUN

ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට අධික වටිනාකමකින් යුත් වේග මාපක (SPEED GUN) උපකරණ 30 ක් රථ වාහන නිලධාරීන් වෙත ලබා දී...

POPULAR ARTICLES