24 C
Colombo
Sunday, January 12, 2025

රජයේ සියලු දත්ත ඒකාබද්ධ කරන්න නව පනතක්

- Advertisement -

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහා නව සංඛ්‍යා ලේඛන පනතක් සකසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පවසනවා.

‘මව්බිම’ වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ සංඛ්‍යා ලේඛන ආඥා පනත හා සංගණන ආඥා පනත වෙනුවට මෙම නව පනත හඳුන්වා දෙන බවයි.

එමෙන්ම,  රජයේ සියලු දත්ත ඒකාබද්ධ කරගනිමින් නවීන තාක්ෂණය උපරිමයෙන් යොදාගැනීමට එමඟින් හැකියාව ලැබෙන බවද සෙනෙවිරත්න මහත්මිය තවදුරටත් පවසා තිබෙනවා.

එම නව පනත මේවන විට කෙටුම්පත් කර ඇති බවත් එමඟින් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට වෙනත් රාජ්‍ය ආයතනවල දත්ත පද්ධතිවලට ප්‍රවේශ පහසුකම සැලසෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරනවා.

“වෙනත් පරිපාලන කාර්යයක් සිදුකිරීමෙන් අතුරු ප්‍රතිඵලයක් ලෙස ගොඩනැඟෙන දත්ත භාවිත කිරීමේ ලෝකයේ නව ප්‍රවණතාව අපිත් ආරම්භ කරලා තිබෙනවා. සංඛ්‍යා ලේඛන ආඥා පනත හා සංගණන ආඥා පනත වෙනුවට නව සංඛ්‍යා ලේඛන පනතක් ගේන්නේ ඒ සඳහා. උදාහරණයක් විදිහට මේ මගින් අපට කෘෂිකර්ම, සෞඛ්‍ය, අධ්‍යාපන වගේ අමාත්‍යාංශ එකතු කරන දත්තත් හුවමාරු කරගෙන සංඛ්‍යා ලේඛන සඳහා භාවිත කළ හැකියි. එතකොට වෙන වෙන ම හැම එකට ම සමීක්ෂණ කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ විදිහේ තොරතුරු එකතු කරන්න බැරි දේවල්වලට විතරයි අපි සමීක්ෂණ කරන්න වෙන්නේ. ඉදිරි ගමන තියෙන්නේ ඒ විදිහට. සංඛ්‍යා ලේඛන ආයතනයක් විදිහට දෙපාර්තමේන්තුවක්නේ තියෙන්නේ. ඒ වෙනුවට මේ පද්ධතියට සියලු දෙනා එකතු කරගන්නවා. අනිත් සියලු ආයතන එකතු කරගන්නවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ දේ කරන්නේ ඒගොල්ලන්ගේ පරිපාලන කටයුත්තකට දෙන්න පුළුවන්. නමුත් ඒකෙන් හරි වැදගත් සංඛ්‍යා ලේඛනයක් හදන්න පුළුවන්. පොලිස් දෙපාර්තමේන්තුවේ රටේ අපරාධ ගැන විස්තර තියෙනවා. එතකොට ඒක සංඛ්‍යා ලේඛනයක් කරගැනීමට අදාළ අන්තර්ජාතික ප්‍රමිතීන් තියෙනවා. ඒවා පරිශීලනය කරලා දත්ත එක තැනකට අරගෙන ඒවායේ ගුණාත්මකභාවය වැඩි කරලා දෙනවා කියන්නේ යන වියදම පවා අඩු වෙනවා. අපි එතැනට යන්න තමයි බලාපොරොත්තුව.

සමහර ආයතනවල තියෙන දත්ත ඔවුන් ද භාවිත කරන්නේ නැති තරම්. ඒ අයට ඒක වැදගත් නොවෙන්න පුළුවන්. නමුත් ඒක වෙන ආයතනයකට වැදගත් දත්තයක්. උදාහරණයක් විදිහට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කරන්නේ උපත්, මරණ, විවාහ ලියාපදිංචිය. නමුත් ඒ තොරතුරු හුඟක් දර්ශක හදන්න වැදගත් වෙනවා රටට. සෞඛ්‍ය ගැන ගොඩක් තීරණ ගන්න ඒ දත්ත වැදගත්.”

RECENT ARTICLES - SINHALA

Clean Sri Lanka ගැන ඉහළ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් සියලු රාජ්‍ය සේවකයින් ලබන 25 වැනිදාට පෙර දැනුවත් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබා දී...

ධනංජයගේ සහෝදරයා රිමාන්ඩ්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ජනවාරි 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර...

වැඩි වූ මත්පැන්වල මිල ගණන් මෙන්න

අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සඳහා වන නිෂ්පාදන බද්ද 6 % කින් වැඩි කර තිබෙනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මුදල් අමාත්‍යාංශය ඒ බව...

POPULAR ARTICLES