27 C
Colombo
Sunday, January 12, 2025

පස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ධාවනයට බාධා

- Advertisement -

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට අද (12) අලුයම පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

පවතින වර්ෂාවත් සමඟ මෙසේ දුම්රිය මාර්ගය ට ගල්පර්වත පස්කදු කඩා වැටී ඇති අතර මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1045 දරන රාත්‍රි තැපැල් දුම්රිය දැනට පට්ටිපොළ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් අංක 1016 දරන උඩරටමැණිකේ දුම්රියේ දුම්රිය සේවකයන් පිරිසක් එම පස්කදු ගල්පර්වත කඩා වැටී ඇති ස්ථානයට ලගා වෙමින් සිටින බවත් දුම්රිය මාර්ගය ට කඩා වැටී ඇති පස්කදු ගල්පර්වත ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවයි.
.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය තරමක ප්‍රමාදයක් සිදු වන බවද පවසනවා.

RECENT ARTICLES - SINHALA

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

වේයන්ගොඩ - කටුනායක මාර්ගයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අද (12) උදෑසන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරු දුටු...

දියගම ක්‍රිඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවතට

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම...

වාහන බදු තවත් ඉහළ යන ලකුණු?

මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා....

POPULAR ARTICLES

ලැව් ගින්නෙන් ඇමෙරිකාවට ඩොලර් මිලියන 150ක පඩුවක්

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ළැව් ගිනි හේතුවෙන් එරට ආර්ථිකයට සිදුව ඇති පාඩුවඅද අද (12) වනවිට ඩොලර් බිලියන 150 ක් දක්වා ඉහළ ගොස්...