27 C
Colombo
Sunday, January 12, 2025

ආරක්ෂකයා මරා සේප්පුව කැඩූ සේවකයා අත්අඩංගුවට

- Advertisement -

මුන්දලම, බත්තුළුඔය ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදන ආයතනයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ,  විජයකටුපොත, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු එම පොල්තෙල් නිෂ්පාදන ආයතනයේ ආයතනයේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ පුද්ගලයෙකු බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (11) අලුයම් කාලයේදී  මුන්දලම පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.

එහිදී අනාවරණය වී ඇත්තේ,  මරණකරු පසුගිය 10 වන දින රාත්‍රී රාජකාරි නිරතව සිට ඇති බවත් පසුදින උදෑසන ආයතනයේ සේවකයින් පැමිණීමේදී මොහු හිසෙහි තුවාල සහිතව මියගොස් සිට ඇති බවයි.

එමෙන්ම එම ආයතනයේ සේප්පුවක තිබු රුපියල් ලක්ෂ 14 කට ආසන්න මුදලක් කොල්ලකා ඇති බවත්, ආයතනයේ හිමිකරු විසින් මුන්දලම පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව, මුන්දලම පොලිස් ස්ථානයේ හා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශයෙන් අනතුරුව මෙම අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු ඊයේ සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, බත්තුළුඔය ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවෙදී අදාළ සැකකරු සන්තකයේ තිබී සේප්පුව කඩා කොල්ලකන ලදැයි සැකකරන රුපියල් 141,000ක මුදලක් ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචි එම ආයතනයේම සේවකයෙකු බව පොලීසිය පවසනවා.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
 

RECENT ARTICLES - SINHALA

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

වේයන්ගොඩ - කටුනායක මාර්ගයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අද (12) උදෑසන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරු දුටු...

දියගම ක්‍රිඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවතට

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම...

වාහන බදු තවත් ඉහළ යන ලකුණු?

මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා....

POPULAR ARTICLES

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

වේයන්ගොඩ - කටුනායක මාර්ගයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අද (12) උදෑසන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරු දුටු...

දියගම ක්‍රිඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවතට

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම...

ගෙදරින් එපා කියපු පෙම්වතා මහමගදී පෙම්වතියව පැහැරගෙන

බලහත්කාරයෙන් තරුණියක් පැහැරගෙන වෑන් රථයකට නංවාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. මුස්ලිම් ජාතික තරුණියන් දෙදෙනෙක් මාර්ගයේ ඇවිදගෙන එන අතරතුර කලු...