අමෙරිකාවේ – ලොස් ඇන්ජලිස් හි පැතිර යන ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව පුද්ගලයින් 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, මේ වන විට වෙරළබඩ පැලි සේඩ්ස් හි ගින්න 11% ක් පමණ මැඩපවත්වා ඇති බවයි.
එමෙන්ම ඇටඩෙනා ප්‍රදේශයේ තවමත් ලැව් ගිනි තත්ත්වය පවතින බව සඳහන් වනවා.
බලපා ඇති ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 100,000කට අධික පිරිසක් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින අතර, ලොස් ඇන්ජලිස් හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් නිවාස සහ දේපල 10,000 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා.