25 C
Colombo
Sunday, January 12, 2025

දියගම ක්‍රිඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවතට

- Advertisement -

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම ක්‍රීඩා සංකීර්ණයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියා.

අදාල ක්‍රීඩා සංකීර්ණය මේ වන විට දැඩි ලෙස අබලන් තත්වයේ පවතින බවත් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කර ඇති බවත් ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජකයින් හා එක්ව එම ක්‍රීඩා සංකීරණය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බවත් කිසිදු ආයෝජකයෙකු මහින්ද රාජපක්ෂ නමින් ක්‍රීඩා සංකීර්ණ පවත්වාගෙන යාමට මුදල් ආයෝජන නොකරන බැවින් එම නම ඉවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීමේදී සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් ඒ පිළිබදව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කල බව පැවසු සුනිල් කුමාර මහතා කර තිබෙන වැඩ නම් මහින්ද රාජපක්ෂ නමට ගැලපුනද ඒ වැඩ රටට හෝ ජාත්‍යන්තරයට නොගැලපෙන බව පැවසුවා.

මෙයට වසර ගණනාවකට පෙර ක්‍රීඩා සංකීරණයට ගෙනැවිත් දමා තිබූ බහාලුමක තිබී මිලියන ගණනක් වටිනා ජෙනරේටරයක් හමු වූ බවත් මෙම ක්‍රීඩා සංකීර්ණයෙහි ඊට අයත් භාණ්ඩ පිළිබදව දත්ත ඇතුලත් ඉන්වෙන්ට්‍රියක් නොැමැති බවද සඳහන් කළා.

මේ සඳහා යෙදූ මුදල් පිලිබදව තොරතුරක් නොමැති බවත් ඒ පිලිබදව ද පරීක්ෂණයක් ආරම්භ කල බව ක්‍රීඩා සහ තරුණ කටයුතු පිලිබද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලිමක්

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරමින් විවෘත...

වරායේ බහාලුම් නිෂ්කාශන තදබදයට විසඳුම්

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී...

අනුරාධපුරේ මහ වැව් 9ක් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග...

POPULAR ARTICLES

මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලිමක්

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරමින් විවෘත...

වරායේ බහාලුම් නිෂ්කාශන තදබදයට විසඳුම්

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී...

දිගු වුණ ෂකීබ්ගේ තහනම

පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වී සිටින බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන්, තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි දෙවන පරීක්ෂණයෙන් ද...