සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ඉදිරි වසර දෙක තුළ අවසන් කරන ලෙසත්, මහල් 07 ක වැඩ මෙම වසර තුළ අවසන් කරන ලෙසත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ කාසල්වීදිය කාන්තා රෝහලට යාබදව ඉදිකෙරෙන මහල් 16 කින් යුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල වත්මන් තත්ත්වය පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව පැවැති සාකච්ඡාවක දී යි.
2016 වසරේ දී වැඩ ආරම්භ කරන ලද මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ නතරව පැවැති අතර, රජයේ අරමුදල් යොදවා නැවත ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙහිදී අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙන්නේ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොටසක් පෞද්ගලික ගොඩනැගිල්ලක කුලී ගෙවමින් පවත්වාගෙන යනු ලබන අතර, එම බදු කාලය දීර්ඝ නොකර හැකිතාක් ඉක්මණින් එම කාර්යාල මෙම නව ගොඩනැගිල්ලට රැගෙන ඒමට අදාළ මූලික සැලසුම් සකස් කරන ලෙසයි.
එමෙන් ම මෙම සම්පූර්ණ ගොඩනැගිල්ල වසර දෙකකට අඩු කාලයක් තුළ ඉදිකර අවසන් කිරීමට සැලසුම් සකස් කරන ලෙසත් මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයට (CECB) අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.