යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් කොළඹ වරාය නගරයේ ගුවන් පාලම ආසන්නයේදී ඊයේ (11) සවස අනතුරකට පත්ව තිබෙනවා.
කොළඹ වරාය පොලිසිය පැවසුවේ, මාර්ගය පසෙක තිබූ විදුලි පහන් කණුවක ගැටීමෙන් අනතුර සිදුව තිබෙන අතර එහිදී රියැදුරු ඇතුළු හමුදා නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.
අදාල ඩිෆෙන්ඩර් රථය කාර්මික දෝෂයක් හේතුවෙන් අලුත්වැඩියාවට ලක්කර තිබෙනවා.
පසුව ධාවන පරීක්ෂණයක් සඳහා රැගෙන ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
අනතුර හේතුවෙන් ඩීෆෙන්ඩර් රථයේ ඉදිරිපස කොටසට හානි සිදුව තිබෙනවා.
කොළඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.