ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උත්සවය සැමරීමට නොහැකි අඩු ආදායම්ලාභී යාපනය ප්‍රදේශයේ පවුල් සඳහා යාපනය පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් පොංගල් කිරිබත් පිසීමට අවශ්‍ය ද්‍රව්‍ය හා මුදල් ඊයේ (12) දින පරිත්‍යාග කර තිබෙනවා.
ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සායි මුරලි විසින් යාපනය සුෂි පුරම් කලෙයිමගල් ක්‍රීඩාංගණයේදී මෙම ප්‍රදානය සිදු කළ බව සදහන් වනවා.
එමෙන්ම, මීට සමගාමීව යාපනයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 78කට පාසල් උපකරණ බෙදා දීමටද ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
මෙම අවස්ථාවට සහභාගී වූ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සායි මුරලි සඳහන් කළේ තෛපොංගල් උළෙල ඉන්දියාවේත් මෙරටත් දමිළ ප්‍රජාවගේ ඉතා වැදගත් උත්සවයක් වන බැවින් ඉන්දියානු ජනතාව සහ ලාංකික ජනතාව අතර මිත්‍රත්ත්වය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන සංවිධානය කළ බවයි.