28 C
Colombo
Tuesday, January 14, 2025

කාලගුණයෙන් ඉදිරි පැය 36 ගැන නිවේදනයක්

- Advertisement -

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා.

අද (13) පස්වරු 4ට නිකුත් කළ එම නිවේදනයෙහි දැක්වෙන්නේ නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වන බවයි දැනුම්දෙන්නේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කාර් පාර්ක් බදු ගත් සමාගම් 26ක් ගැන විමර්ශන

කොළඹ මහ නගර සභාවට අය විය යුතු රුපියල් කෝටි විසිහතකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති, කොළඹ නගරයේ වාහන නැවතුම් ස්ථාන පාලනය කරන සමාගම්...

පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු හෙට...

ළිඳට වැටී කුඩා දැරියක් මරුට

එරාවූර් පොලිස් වසමේ මක්කාමඩි පාර, එරාවූර් ප්‍රදේශයේ දී කුඩා දැරියක් ළිඳකට වැටී මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, මක්කාමඩි පාර, එරාවූර් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු...

POPULAR ARTICLES