26 C
Colombo
Tuesday, January 14, 2025

රටඉඳි බද්ද නිසා අසාධාරණයක්

- Advertisement -

ඉදිරියේදී ආරම්භ වීමට නියමිත මුස්ලිම් ජාතිකයින්ගේ උපවාස මාසයට ආහාරයට ගැනීමට සවුදි රටවල්වලින් ලබාදෙන රටඉඳිවලට වත්මන් රජය ඒවා ගෙන්වීමේදී ආනයනික බද්දක් ලබාගැනීමට තීරණය කිරීමත් සමග මුස්ලිම් ජාතිකයන්ට බලවත් අසාධාරණයක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික ෆවුසර් අන්වර් මහතා පවසනවා.

ඔහු පවසන්නේ, මෙම රටඉඳි බෙදාහරින්නේ සෑම පල්ලියකින්ම නොමිලේ වන අතර එම නිසා මේ සඳහා ආනයනික බද්දක් අය කිරීම අසාධාරණ බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ඉතිහාසයේ සෑම රජයකම මුස්ලිම් අමාත්‍යවරයෙකු සිටි බවත් නමුත් වත්මන් රජයේ කිසිදු මුස්ලිම් අමාත්‍යවරයකු නොමැති බවයි ඔහු පවසන්නේ.

මෙම රජය පත්කිරීම සඳහා මුස්ලිම් ජනතාවගෙන් 70%ක් ඡන්දය දුන් අතර එම නිසා අපට මෙම නොමිලේ ලබාදෙන ආහාරවලට බදු ඉවත් කරදෙන මෙන් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ෆවුසර් අන්වර් මහතා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

ගංවතුරෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි මේ මස අවසානයේ

පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් හානිවූ වගාවන් සඳහා වන්දි මේ මස අවසානයේ ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි...

ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානය පැවසුවේ අද (14) පස්වරු 4.00 සිට හෙට පස්වරු...

කාර් පාර්ක් බදු ගත් සමාගම් 26ක් ගැන විමර්ශන

කොළඹ මහ නගර සභාවට අය විය යුතු රුපියල් කෝටි විසිහතකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති, කොළඹ නගරයේ වාහන නැවතුම් ස්ථාන පාලනය කරන සමාගම්...

POPULAR ARTICLES

ලොස් ඇන්ජලීස් නුවර ලැව්ගිනි ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි දින දෙක තුළ ලොස් ඇන්ජලීස් නුවර ලැව්ගිනි පැතිරීම වේගවත් විය හැකි බව, අමෙරිකානු කාලගුණ බලධාරීන් අනතුරු අඟවනවා. ඒ, තද සුළං ඇති විය හැකි බවට...