26 C
Colombo
Wednesday, January 15, 2025

ජනාධිපති අනුර ෂී ජින් පිං හමුවෙයි

- Advertisement -

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබෙනවා.

එම නිල හමුව චීන මහජන ශාලාවේදී මීට කෙටි වේලාවකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වුණා.

මේ අතර, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹිමටද එක්ව තිබුණා. 

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිඟා කෞතුකාගාරය නැරඹීමට සහභාගී වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අනතුරුව ජනාධිපතිවරයා මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා බුහුමන් දැක්වූ බවයි.  

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුද මෙම අවස්ථාවන්ට එක්වුණා. 

RECENT ARTICLES - SINHALA

විහාර දේවාලගම් පනතේ සංශෝධන සම්මත කර ගැනීමට පියවර

විහාර දේවාලගම් පනතේ සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ඒ.එච්.පී.එම්.බී අතපත්තු මහතා...

චීනය එක්ක ලංකාව අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කරලා

ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තබා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ආර්ථික,...

ත්‍රීරෝද රථ ගැන ගත් තීරණය

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට්...

POPULAR ARTICLES