28 C
Colombo
Thursday, January 16, 2025

බහාලුම් රථ තදබදය තවදුරටත්

- Advertisement -

බහාලුම් රථ 1100ක් තවදුරටත් වරායේ සහ රේගුවේ සිරව පවතින බව බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත් මංජුල කියා සිටියේ, මීට අමතරව සී.අයි.සී.ටී අංගනයේ ආනයනික භාණ්ඩ සහිත තවත් බහාලුම් 4000ක් පමණ පවතින බවයි.

ශ්‍රී ලංකා රේගුවට අයත් ඔරුගොඩවත්ත බහාලු‍ම් නිෂ්කාසන අංගනය ඉදිරිපිට මේ වන විටත් රියදුරන් දිගු පෝලිම්වල අපහසුතාවට පත්ව සිටිනවා.

ඔවුන් සදහන් කළේ, රේගුව පැවසූ පරිදි කඩිනමින් නිෂ්කාශන කටයුතු සිදු නොවන බවයි.

කෙසේවෙතත්, බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය පාලනය කිරීම රේගුවට පමණක් සිදුකළ නොහැකි බව ආනයන අපනයන නියෝජිතවරුන්ගේ සභාපති හුවයිස් සම්සුඩීන් කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියා.

මේ අතර, බහාලුම් රථ තදබදය මගහරවා ගැනීමට තවදින 10ක් පමණ ගතවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...