26.9 C
Colombo
Friday, March 14, 2025

Exclusive : දුමින්ද සිල්වාගේ නිදහසින් පසුව හිරුණිකා පළමුවරට News19 වෙත කියූ කතාව

- Advertisement -

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් යැයි පවසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට හිටි හැටියේ ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය News19 වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකර සිටියා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යනු ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණියයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසන්නේ ජනාධිපතිවරයා මේ වන විට කිහිපදෙනෙකුගේ අතකොළුවක් බවට පත්ව ඇති බවයි.

එක රටක් එක නීතියක් යන තේමාව යටතේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළද අද වන විට එය හුදෙක් වචන කිහිපයක් බවට පත්ව ඇති බවද අය සිහිපත් කරනවා.

මෙලෙස වැරදිකරුවන් ජනාධිපතිවරයාගේ හිතුමනාපයට නිදහස් කරන්නේ නම් නීතිය හා විනිසුරුවරුන් කුමකටදැයි ඇය ප්‍රශ්න කර සිටියා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට ලක්වූ මොහොතේ රාජපක්ෂ පවුලේ සියලු දෙනාම ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණියද ගෝඨාභය රාජපක්ෂ මහතා නොපැමිණි බවත් ඒ වෙනුවට ගෝඨාභය මහතා සිදුකළේ දුමින්ද සිල්වා බැලීම සදහා ජයවර්ධනපුර රෝහලට යෑම බවත් ඇය සිහිපත් කළා.

තවදුරටත් මෙම ජනාධිපතිවරයාගෙන් ශ්‍රී ලංකාවට යහපතක් සිදුවේ යැයි තමන් විශ්වාස නොකරන බවත් දුමින්ද සිල්වා නැවතත් ඔහු යටතේ දේශපාලනයට ගෙනවිත් දැමුවද තමන් පුදුම නොවන බවත් ඇය සඳහන් කළා.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරන බවද ඇය News19 වෙත පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...