30 C
Colombo
Saturday, January 18, 2025

වතු නිවාස පෙළක ගින්නක්

- Advertisement -

මස්කෙළිය පොලිස් වසමට අයත්  මාඋස්සාකැලේ වත්තේ  වතු නිවාස පෙලක ඊයේ (17) රාත්‍රී  11.30 පමණ ගින්නක් හටගෙන තිබෙනවා.

මස්කෙළිය පොලිසිය පවසන්නේ මෙම ගින්නෙන් නිවාස 8ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බවයි.

නිවාස 12 කින්‍ සමන්විත එම නිවාස  පේළියේ පැතිර යමින්  තිබු ගින්‍න පාලනය කිරීමට වතු කම්කරුවන්,පොලිස් නිලධාරින්‍ සහ මාඋස්‍සාකැලේ යුධ හමුදා කඳවුරේ  භට පිරිස් පියවර ගෙන තිබුණා.  

ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර,ගින්නෙන් විනාශ වු නිවාසවල පදිංචි  කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය  සමිපූර්ණයෙන්ම විනාශ  වී තිබෙනවා.

ගින්නෙන් සිදුවු  අලාභය මෙතෙක්  තක්සේරු  කර නොමැති අතර,ගින්නට හේතුව  විදුලි කාන්දුවක් බවද යන්න පිළිබඳව පරීක්ෂණ  පවත්වන මස්කෙළිය පොලිසිය  සැක පළ කරනවා.

ගින්නෙන් අවතැන්  වු පවුල් අටකට අයත් සමාජිකයන් 21 දෙනෙක් තාවකාලිකව   ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට එම වතුයායේ පාලන අධිකාරිය  පියවර ගෙන තිබුණා.

(හැටන් – රංජිත් රාජපක්ෂ)                                         

RECENT ARTICLES - SINHALA

ආචාර්ය ගැටලුව ගැන CIDයට ප්‍රකාශයක්

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන්...

මන්නාරම වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පසුගිය 16 වනදා සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල කළ...

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

POPULAR ARTICLES