25 C
Colombo
Saturday, January 18, 2025

දකුණු කොරියාවේ දැවැන්ත විරෝධතා

- Advertisement -

දෝෂාභියෝගයකින් බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල්ගේ පාර්ශ්වකරුවන් දහස් ගණනක් සෝල් අගනුවර විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට විපක්ෂයට සහ අධිකරණ පද්ධතියට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස පෙළගැසී සිටිනවා.

හදිසියේ රටට හමුදා නීතිය පැනවීමේ සිදුවීමක් මුල්කර ගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 3වනදා දෝෂාභියෝගයකින් යුන් සුක් යෝල්  ධුරයෙන් පහ කළා.

කෙසේ නමුත් ඉන් පසුව දකුණු කොරියාවේ දේශපාලන අර්බුදයක් උද්ගත වී තිබුණා.

අනතුරුව රජයට එරෙහිව කැරළිගැසූ බවට නඩු විභාගයක් ආරම්භ කළා.

කෙසේ නමුත් එම නඩු විභාගය කැඳවූ අවස්ථා තුනකදීම යුන් සුක් යෝල් එය මඟහැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්වුණා.

මේ හේතුවෙන් යුන් සුක් යෝල් පාර්ශ්වකරුවන් සෝල් අගනුවර රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරිපිට මෙලෙස විරෝධතාවේ නිරතව සිටිනවා.

දකුණු කොරියානු විපක්ෂයට සහ එරට අධිකරණ පද්ධතියට යුන් සුක් යෝල් පාර්ශ්වකරුවන්ගෙන් මෙහිදී දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

දහස් ගණනක විරෝධතාකරුවන් හේතුවෙන් රැඳවුම් මධ්‍යස්ථාන පරිශ්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් සිය ගණනක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට පත්වූ බවට පැවසු යුන් සුක් යෝල් මුලදී අවධාරණය කළේ, විමර්ශන සඳහා සහාය පළ කිරීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වුවද, ඔහු මෙතෙක් විමර්ශන සඳහා සහාය දක්වා නොමැති අතර, ප්‍රශ්න කිරීම්වලදී නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

අපිට වී දීලා වැඩිපුර රුපියල් දෙකක් ගන්න

රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක මුදලක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා...

විදුලි ආලෝක කුලුනක කොටසක් හිසට වැටී අයෙක් මරුට

කොළඹ වරායේ පිහිටි ආලෝක කුළුණක කොටසක් ඊට පහළින් සිටි පුද්ගලයෙකු හිසට වැටීමෙන් සිදුවූ අනතුරකින් එම පුද්ගලයා මියගොස් තිබෙනවා.   සිද්ධියෙන් තවත් අයෙකු තුවාල ලබා ඇති...

අතේ ප්‍රබලයොත් යළි එකතුවෙන ලකුණු

වත්මන් රජයේ නොහැකියාව හමුවේ විපක්ෂයේ පක්ෂවල එකතු වීමක් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සන්ධානය පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

අපිට වී දීලා වැඩිපුර රුපියල් දෙකක් ගන්න

රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක මුදලක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා...

විදුලි ආලෝක කුලුනක කොටසක් හිසට වැටී අයෙක් මරුට

කොළඹ වරායේ පිහිටි ආලෝක කුළුණක කොටසක් ඊට පහළින් සිටි පුද්ගලයෙකු හිසට වැටීමෙන් සිදුවූ අනතුරකින් එම පුද්ගලයා මියගොස් තිබෙනවා.   සිද්ධියෙන් තවත් අයෙකු තුවාල ලබා ඇති...

ආරුගම්බේ ත්‍රස්ත සැලසුමේ තවත් කරුණු

ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට ලද තොරතුරු පිළිබඳ විමර්ශන සිදුකරන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා. ඊශ්‍රායල...